අපගේ වැඩසටහන්
අපගේ වැඩසටහන්
රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය විසින් මෙහෙයවන *පුනරුදයේ වැඩසටහන* යටතේ මදවක්කුලම නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ජංගම සේවා වැඩසටහන 2026.09.14 දින දවස පුරා පවත්වන ලදි.
ආණමඩුව ප්‍රාදේශිය සභා සභාපතිතුමා,මන්ත්‍රිතුමන්ලා හා ලේකම්තුමා ඇතුලු ප්‍රාදේශිය සභාවේ නිළධාරින් මේ සදහා සම්බන්ද විය.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් මෙහෙයවන "පුනරුදයේ පුරවර 2026 " පළාත් පාලන සතිය 2026.09.14 සිට 2026.09.19 දක්වා පැවැත්වේ.
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කළ “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන අගෝස්තු 08 දින දිවයින පුරා සියලු ම ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් පැවැත්වුණු අතර ඊට සමගාමීව පුත්තලම, ආනමඩුව වැව අසල සංවිධානය කර තිබූ පවිත්‍රකරණ වැඩසටහනට පැවැත්විනි
ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන්, ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහචාර්ය චන්දන අබේරත්න පුත්තලම දිස්ත්‍රික් ලේකම්, ආනමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලේකම් ඇතුලු නියෝජිතයින්, ආනමඩුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
ඇසල පුර පසලොස්වක පොහෝ දිනට සමගාමීව
ආණමඩුව ප්‍රාදේශිය සභාව මගින්
පළමු වරට සංවිධාන කරනු ලබන
*කහ බත් දන්සල*
ආණමඩුව සතිපොළ භූමියේදි
ජුලි මස 29 දින මධ්‍යහන 12 සිට පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා !
ආණමඩුව ප්‍රාදේශිය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.ආණමඩුව පොලීසිය යන ආයතන ඒකාබද්ධව සිදු කරනු ලබන අඛණ්ඩ ඩෙගු මර්දන වැඩසටහන් සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න.
ඔබේ නිවස,වෙළද ස්ථානය,ගෙවත්ත ඩෙංගු මුක්ත කලාපයක් කරගන්න.
නිරන්තරයෙන් පිරිසිදු කරන්න
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන
වර්තමානයේ ඩෙංගු උවදුර නැවත හිස එසවීමේ තත්වයක් දක්නට පවති.මේ පිලිබද අවධානය යොමු කරමින් 2026.07.09 දිනයේදි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම හා විශේෂ ශ්‍රමදාන කටයුතුතක් ශ්‍රි ලංකා යුධ හමුදාවේ නිළධාරින්ගේද සහභාගීත්වයෙන් සිදුවිය.
මේ සදහා මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් හා ආණමඩුව ප්‍රාදේශිය සභා නිළධාරින් ද සම්බන්ධ විය.
අප නගරය වන ආණමඩුව නගරය ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත නගරයක් බවට පත් කිරිමට යුධ හමුදාවේ නිළධාරි මහත්මයින් විසින් ලබා දුන් සහයෝගය ඉතා අගය කොට සලකමු.
මත්ද්‍රව්‍ය නිවාරණ පාගමන
අන්තර්ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමිව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ආණමඩුව ප්‍රාදේශිය සභාව හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ දිනයක් සංවිධානය කරන ලදි.මෙහිදි නගරයේ ප්‍රධාන පාසල් වන ආණමඩුව මධ්‍ය විද්‍යාලය,කන්නන්ගර විද්‍යාලය හා ආණමඩුව කාර්මික විද්‍යාලය යන අධ්‍යාපන ආයතනයන්හි දරුවන් සම්බන්ධ වීමෙන් පෙළපාළියක් හා දැන්වීම් පුවරු ප්‍රදර්ශනයෙන් නගරය දැනුවත් කිරිමසිදු විය.
මේ සදහා, ඖෂධ පාලක ජාතික මණ්ඩලය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය-ආණමඩුව,ප්‍රාදේශීය සභාව-ආණමඩුව,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ආණමඩුව හා පොලිස් ස්ථානය ආණමඩුව යන ආයතන මුලිකත්වය ගන්නා ලදි.
ජාතික ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන
වර්තමානයේ පවතින දැඩි ඩෙංගු අවදානම් තත්ත්වය හේතුවෙන් ආනමඩුව නගරය අවට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන හා ආණමඩුව නගරයේ බස් නැවතුම්පල අවට පිිරිසිදු කිරිම 2026.07.02 දින ආණමඩුව ප්‍රාදේශිය සභාව,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය,ආණමඩුව පොලිස් ස්ථානය යන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව පවත්වන ලදි.
මේ සදහා ප්‍රාදේශිය සභා සභාපතිතුමා,ලේකම්තුමා ඇතුළු නිළධාරි හා කාර්ය මණ්ඩලයද,මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් හා කීට විද්‍යා නිළධාරින්ද,ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු නිළධාරින්ද සම්බන්ද විය.
පොසොන් පොහොය දිනයට සමගාමිව ආණමඩුව මහජන පුස්තකාල පාඨක සමාජය හා ආණමඩුව ප්‍රාදේශිය සභාව මගින් සංවිධාන කරන ලද අයිස්ක්‍රිම් දන්සල 2026.07.02 දින ප්‍රාදේශිය සභා සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදි අති සාර්ථක ලෙස පවත්වන ලදි.මේ සදහා ප්‍රාදේශිය සභා ලේකම්තුමන්,මන්ත්‍රි මණ්ඩලය ,පුස්තකාල පාඨක සමාජය ,ප්‍රාදේශිය සභා නිළධාරින් හා කාර්ය මණ්ඩලයද සහ සම්බන්ද විය.