අපගේ ප්‍රධාන සේවාවන්
01.ප්‍රාදේශීය කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සියලු රාජ්‍ය ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් සභා කටයුතු ඵලදායි ලෙස මෙහෙයවීම.
02.අයබදු මඟින් එක්රැස් කරගන්නා ආදායම් පහත සේවාවන් වෙනුවෙන් යොදවනු ලැබේ
නගරයේ කුණු කසළ ඉවත් කර, කාණු පිරිසිදු කර දිනපතා අවට ප්‍රදේශ පිරිසිදු කිරීම
මංමාවත්, මාර්ග දෙපස කාණු නඩත්තු කිරීම හා අළුතින් ඉදිකිරීම
බෝක්කු සහ පාලම් ඉදිකිරීම
වීථි ආලෝකකරණය කිරීම
නගරයේ පොදු ජල කාණු පවත්වාගෙන යාම
පුස්තකාල සේවාවන් පවත්වාගෙන යාම
ළදරු පාසැල් සේවාව පවත්වාගෙන යාම
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු සමග ඒකාබද්ධව,
· ජලභීතිකා රෝග මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
· බෝවන රෝග මර්ධන කටයුතු කිරීම
· මාතෘ සායන පවත්වාගෙන යාම
· ආහාර පරීක්ෂාව ඇතුළු ආහාර පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම
· කසළ කළමනාකරණය කිරීම
සභා බල ප්‍රදේශයේ ක්‍රීඩා පහසුකම් වර්ධනය කිරීම
ප්‍රජා මණ්ඩල,ස්වෙච්ඡා සංවිධානවලට ආධාර උපකාර කිරීම
පොදු ආගමික හා සංස්කෘතික වැඩසටහන් පවත්වාගෙන යාම
පොදු ළිං ඉදිකිරීම, අළුත්වැඩියා ඇතුළු කටයුතු පවත්වාගෙන යාම
පරිසර සංරක්ෂණ කටයුතු සඳහා පරිසර අධිකාරිය සමග ඒකාබද්ධව කටයුතු මෙහෙයවීම
ආගමික,සංස්කෘතික,අධ්‍යාපනික හා සමාජීය කටයුතු සඳහා ආධාර අනුබල දීම